පෞද්ගලික බැංකු සමග ගනුදෙනු කරන්න රාජ්‍ය අංශයට අවසර

හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පෞද්ගලික බැංකුවලත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව රාජ්‍ය ආයතනවලට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට රජයට අයත් සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුළු සියලූම ආයතනවල ගිණුම් රාජ්‍ය බැංකුවලයි පවත්වාගෙන යනු ලබන්නේ.

මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය බැංකු කාර්ය මණ්ඩල අකුරට වැඩ කිරීම, වැඩ වර්ජනය කිරීම ආදී ක්‍රියාමාර්ගවලට යොමු වීම හේතුවෙන් පොදු මහජන සේවා පවත්වාගෙන යෑම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව අද පැවති විශේෂ කැබිනට් හමුවකදී අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම ඛනිජ තෙල් මිලදී ගැනීම, ගෑස් මිල දී ගැනීම, ඖෂධ මිලදී ගැනීම වැනි ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නියමිත වේලාවට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ජන ජීවිත ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මින් ඉදිරියට රාජ්‍ය ආයතනවල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කළ හැකි පරිදි පුද්ගලික බැංකුවල ද විවෘත කර පවත්වාගෙන යෑමේ අවස්ථාව ලබාදිය යුතු බවට අමාත්‍යවරුන් විසින් යෝජනා කර තිබෙනවා.

එහිදී මුදල් අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක් සහිතව මෙම කටයුත්තට අනුමැතිය ලබා දිය යුතු බවටයි ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?