පෞද්ගලික බැංකු සමග ගනුදෙනු කරන්න රාජ්‍ය අංශයට අවසර

හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පෞද්ගලික බැංකුවලත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව රාජ්‍ය ආයතනවලට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට රජයට අයත් සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුළු සියලූම ආයතනවල ගිණුම් රාජ්‍ය බැංකුවලයි පවත්වාගෙන යනු ලබන්නේ.

මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය බැංකු කාර්ය මණ්ඩල අකුරට වැඩ කිරීම, වැඩ වර්ජනය කිරීම ආදී ක්‍රියාමාර්ගවලට යොමු වීම හේතුවෙන් පොදු මහජන සේවා පවත්වාගෙන යෑම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව අද පැවති විශේෂ කැබිනට් හමුවකදී අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම ඛනිජ තෙල් මිලදී ගැනීම, ගෑස් මිල දී ගැනීම, ඖෂධ මිලදී ගැනීම වැනි ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නියමිත වේලාවට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ජන ජීවිත ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මින් ඉදිරියට රාජ්‍ය ආයතනවල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කළ හැකි පරිදි පුද්ගලික බැංකුවල ද විවෘත කර පවත්වාගෙන යෑමේ අවස්ථාව ලබාදිය යුතු බවට අමාත්‍යවරුන් විසින් යෝජනා කර තිබෙනවා.

එහිදී මුදල් අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක් සහිතව මෙම කටයුත්තට අනුමැතිය ලබා දිය යුතු බවටයි ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56