පෞද්ගලික බස් සේවාව නතර කරනවා – බස් හිමියන්ගේ සංගමයෙන් තීරණයක්

පෞද්ගලික බස් සේවාව ඉදිරි සති දෙක ඇතුළත නතර කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය මැද පෞද්ගලික බස් සේවාව පවත්වාගෙන යෑමේදී රියැදුරන් සහ කොන්දොස්තරවරුන් දැඩි අවදානමකට පත්වීම නිසා ඔවුන්ට එන්නත් ලබාදීම කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට දැන්වුවද ඔවුන් එය පහත්කොට සලකන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

මේ තත්ත්වය යථා තත්ත්වයට පත් නොවුනහොත් ඉදිරි සති දෙක ඇතුළත පෞද්ගලික බස් සේවාව නැවැත්වීමට තම සංගමය තීරණය කර ඇති බව ගැමුණු විජේරත්න මහතා කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?