AFC Banner
AFC Banner
Empty Ad

පෞද්ගලික බස් ධාවනය අඩු වෙයි – ගෑස් නැව් දෙකක් අද සහ හෙට දිවයිනට

ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයින පුරා ඉන්ධනහල් රැසක දිවා – රෑ පුරා අඛණ්ඩ පෝලිම් තවදුරටත් පවතිනවා.

මේ අතර තොග ගබඩා පර්යන්තයේ ඩීසල් සහ තොග සීමිත වීම හේතුවෙන් බෙදාහැරීම් ද සීමාසහිත වී තිබෙනවා.

එමෙන්ම යළි ඉන්ධන රැගත් නෞකාවක් ලබන 16 වනදා පැමිණෙන තෙක් පෙට්‍රල් බෙදාහැරීම් ද අඩු වශයෙන් සිදු කරන බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඇතැම් ලංගම ඩිපෝ අසල බස්රථ පොලිම්ද පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ලංගම ඩිපෝ මඟින් ලැබෙන ඩීසල් ප්‍රමාණවත් නොවන බවයි.

ඒ හේතුවෙන් යළි ඩීසල් නෞකාවක් පැමිණෙන තෙක් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා සීමා කිරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 2,500ක් රැගත් නෞකාවක් හෙට (05) දිනයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

එමෙන්ම ලාෆ් සමාගම සඳහා ගෑස් රැගත් නෞකාවක් අද (04) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව එම සමාගම සඳහන්කර සිටියා.

ඒ අනුව එහි ගොඩබෑම් සිදු කිරීමෙන් අනතුරුව ලාෆ් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?