වන්දනාවේ පැමිණි පිරිසගේ වෑන් රථය සොරගෙන

පොළොන්නරුව අවුකන විහාරය වැඳ පුදාගැනීමට පිරිසක් පැමිණි වෑන් රථයක් එම විහාරය අසළ පිහිටි රථගාලේ නවතා තිබිය දී සොරාගෙන තිබෙනවා.

මාතලේ, නාවුල ප්‍රදේශයේ සිට පිරිසක් රැගෙන පැමිණි කුලී පදනම මත ලබාගත් වෑන් රථයක් පසුගිය 12 වනදා පස්වරුවේ මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ පැමිණිල්ලකට අනුව වෑන් රථය සොරාගෙන පැය 72ක් ගතවීමට පෙර එය සොයාගැනීමට ගල්නෑව පොලිසියට අද (24) හැකිව තිබෙනවා .

මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ගලේවෙල, නබඩගහවත්ත සහ රිදීගම යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි වාර්තා වන්නේ.

සොරාගත් වැන් රථය ගලේවෙල, නබඩගහවත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇති අතර, වෑන් රථය තුළ තිබූ වන්දනාකරුවන්ගේ දේපළ ද සොයා ගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අවුරුදු 26,27 හා 30 යන වයස්වල පසුවන්න සැකකරුවන් අද (24) දින කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?