පොහොර ඉල්ලා අදත් උද්ඝෝෂණ

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් තවමත් දුෂ්කරතාවට මුහුණදී සිටින ප්‍රදේශ රැසක ගොවීන්ට ඒ සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අදත් උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.

පාතදුම්බර – මඩවල නගරයේදී පොහොර හිඟයට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් ඇතුලු ගොවීන් අද දහවල් විරෝධතාවක නිරතවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, කුරුවිට නගරයේද පොහොර හිඟයට විසඳුම් ඉල්ලා අද විරෝධතාවක් පැවැත්වුණා.

මතුගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභාව ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූ අතර, ඔවුන් යළි පැමිණි අවස්ථාවේ සභාවේ කටයුතු අවසන් කර තිබීමත් සමඟ උණුසුම් තත්වයක්ද මතුවුණා.

එමෙන්ම, වැලිමඩ – ඌව පරණගම – කඳුරුගොල්ල ප්‍රදේශයේ ගොවීන් සහ වැලිමඩ – උඩුලුකුඹුර ප්‍රදේශයේ ගොවීන් අද විරෝධතාවක නිරත වූයේ පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්. මේ අතර, ඉඩම් අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 70ක වියදමින් මහ පරිමාණයේ කාබනික පොහොර ව්‍යාපෘති 35ක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර – තිරප්පනේ – මධ්‍යම නුවර ගම් පළාතේ කාබනික පොහොර ව්‍යාපෘති දෙකක් විවෘත කෙරුණා. ඒ සඳහා ඉඩම් වෙන් කිරීමේ උත්සවය සිදුකෙරුණේ විෂ්‍ය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?