පොහොට්ටු අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ගේ දේහය ඥාතීන්ට භාරදීම අද

වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ මහල් සංකීර්ණයේ දී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ මෘතදේහය මේ වනවිට (24) බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පෙරවරු 10ට පමණ එම මෘතදේහය කොළඹ ජාතික රෝහලෙන් මුදා හැර ඇති බවයි.

ඒ අනුව අද පෙරවරු 11ට ජීවිතක්ෂයට පත් වූ ඩෑන් ප්‍රියසාද්ගේ මෘතදේහය ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයට ඩෑන් ප්‍රියසාද් කොළොන්නාව – මීතොටමුල්ල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමටත් සූදානමින් සිටියා.

එවන් පසුබිමකදියි ඩෑන්ගේ බිරිඳගේ ඥාති නිවසක අවුරුදු සමය වෙනුවෙන් පැවැත්වූ සාදයකට එක්ව සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු ව ජීවිතක්ෂයට පත්වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?