AFC Banner
AFC Banner
Empty Ad

පොහොට්ටුවේ මහ මැතිවරණ අපේක්ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙවර මහ මැතිවරණයේ දී නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට පෙර සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර ඔක්තෝබර් 09,10 සහ 11 යන දිනවල දී භාරදීමට නියමිතයි.

මේ අතර සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ සහ නවක අපේක්ෂකයන් ඇතුළත් කර ගනිමින් ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව සකස් කරමින් පවතින බවයි.

එළඹෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව ජාතික ජන බලවේගය පවසනවා.

එලෙස සකස්වන අපේක්ෂක ලැයිස්තු සඳහා අවසන් අනුමැතිය ලැබීමෙන් පසු ඔක්තෝම්බර් 10 සහ 11 දෙදින තුළ නාමයෝජනා භාරදීමට නියමත බවයි එම පක්ෂය සඳහන් කළේ.

එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නාමයෝජනා කමිටුවද අද (05) දිනයේ රැස් වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

නාමයෝජනා භාරදීම ඔක්තෝබර් 11 වනදා දක්වා මැතිවරණ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?