පොසොන් සමයේ මගී ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක්

පොසොන් උත්සව සමයේ මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙවර පොසොන් උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට මේ වන විටත් නගරය කේන්ද්‍ර කර ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන සූදානමින් සිටින බව සඳහන්.

පොසොන් සතිය ඇරඹෙන්නේ ලබන 31 වන දා සිට ජූනි මස 6 වන දා දක්වායි.

මෙම කාලය තුළ අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතයි.

ඒ අනුව ඒමට ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යෙදවෙනු ඇති. අවශ්‍යතාව මත තවදුරටත් දුම්රිය සේවාවන් එක් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළා.

පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකයි.

මෙවර බැතිමතුන් විශාල පරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කරන බැවින් තවත් බස් රථ සියයක් සූදානම් කර තබන බව එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40