පොළොස් කඩන්න ගිය කාන්තාවට අත්වූ ඉරණම

පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක තිබී කාන්තාවකගේ සිරුරක් හමුවී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නම්  55 හැවිරිදි අවිවාහක කාන්තාවක් බව පොලීසිය පවසයි.

ඊයේ (26) හවස පොළොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා ගිය මෙම කාන්තාව රාත්‍රිය වනතෙක් නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් රාත්‍රිය පුරාම කාන්තාව සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

එහිදී පොහොර උරයකින් වසා තිබියදී කාන්තවගේ සිරුර සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.