පොලිසියට හසුවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘මිය යාමට පෙර’ දොස්තරට කී රහස

කරදියාන ප්‍රදේශයේදී පිලියන්දල පොලිසිය විසින් ඊයේ (7) රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ගිලීම නිසා මරණයට පත්ව ඇති බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යමින් සිටිය දී තවත් තිදෙනෙක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය පුද්ගලයා ක්ලාන්ත ගතියක් ඇති බව පැවසීමත් සමග ඔහුව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා තමන් අයිස් ග්‍රෑම් 5ක් ගිල දැමූ බව පිළියන්දල රෝහලේ වෛද්‍යවරුන්ට රහසේම සඳහන් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුව කළුබෝවිල රැගෙන යාමෙන් පසු මිය ගිය බව පොලිසිය සඳහන් කළා.

මෙම පිරිස සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500 ක් විද්‍යුත් තරාදියක් සහ රුපියල් 70,000 ක මුදලක් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?