Empty Ad
AFC Banner
Empty Ad

පොලිසියට ප්‍රහාරයක්

බොරැල්ල – සහස්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ බොරැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.  

අද උදෑසන හෙරොයින් ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මොහු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහස්පුර ප්‍රදේශයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුගේ ඥාතීන් ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණා.  

කෙසේ වෙතත් පසුව අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250ක් සමඟ  අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

මේ අතර, යාපනය – අරියාලේ ප්‍රදේශයේදී වැලි ජාවාරමේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම මෙම පහරදීම සිදුව ඇති අතර, පහරදීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?