AFC Banner
AFC Banner
Empty Ad

පොලිසියට තග දැමූ මන්ත්‍රී ආර්චුනාට එරෙහිව පොලිසියෙන් පරීක්ෂණයක් (වීඩියෝ)

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථවාහන නීතියන අවනත නොවී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්චුනා රාමනාදන් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද (21) දිනයේ අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් ජාතීන් අතර අසමඟියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෝටර් වාහන පනත සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ මෙම මන්ත්‍රීවරයාට ඉදිරි නෛතික කටයුතු සිදුකිරීම නියමිත බවයි පොලිසි පැවසුවේ.

මේ අතර මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අදහස් දක්වමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයාබලා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බධා කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?