පොලිසියට තග දැමූ මන්ත්‍රී ආර්චුනාට එරෙහිව පොලිසියෙන් පරීක්ෂණයක් (වීඩියෝ)

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථවාහන නීතියන අවනත නොවී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්චුනා රාමනාදන් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද (21) දිනයේ අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් ජාතීන් අතර අසමඟියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෝටර් වාහන පනත සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ මෙම මන්ත්‍රීවරයාට ඉදිරි නෛතික කටයුතු සිදුකිරීම නියමිත බවයි පොලිසි පැවසුවේ.

මේ අතර මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අදහස් දක්වමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයාබලා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බධා කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01