පොලිසියට චණ්ඩි පාට් දැමූ මහින්දානන්දගේ ඥාති පුතා (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සහෝදරියකගේ පුත්‍රයෙකු තම මිතුරන් සමග පොලිස් ස්ථානය වෙත පැමිණ, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් ගම්පොළ පොලිස් වසමට අයත් නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙන් වාර්තා වෙනවා.

මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ යුක්තිය මෙහෙයුමේදී තම පුතුන් පරීක්ෂා කළ බවට චෝදනා කරමින්.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ ගේ සහෝදරියකගේ පුත්‍රයකු වන ඉන්දික අමරසිංහ, මෙසේ තර්ජනය කර ඇත්තේ යුක්තිය මෙහෙයුමට එක්වූ ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුටයි.

පසුගිය 29 වැනිදා යුක්තිය වැටලීම් රාජකාරී සඳහා ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායම ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ප්‍රදේශයේ සිටි පුද්ගලයින්ගේ ශරීර පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ඥාති දරුවන් දෙදෙනෙක් ද පරීක්ෂාවට ලක්ව ඇති බවත්, එම පරීක්ෂාවෙන් තම දරුවන්ට අපහාසයක් වූ බව පවසමින් මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයා, බීමත්ව තම මිතුරන් ද සමග පැමිණ පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගෙන් පෞද්ගලිකව පළිගන්නා බවට තර්ජනය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යොමු කළ ලිපියේ සඳහන්.

මෙම සිදුවීමේදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා බියගුළු ලෙස හැසිරී ඇති බවටත්, ඔහු අදාළ නිලධාරීන්ට, පරීක්ෂා කළ ළමයින්ගේ දෙමව්පියන්ගෙන් සමාව ගැනීමට එන ලෙස දන්වා ඇති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සිය ලිපියෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීමේදී බියගුළු ලෙස හැසිරෙමින්, සිදුවීම ඉහළ නිලධාරීන්ගෙන් වසං කළ, නව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන තෙක් ඔහු ස්ථානාධිපති තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
17
+1
4
+1
3
+1
1
+1
8
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?