පොලිසියට චණ්ඩි පාට් දැමූ මහින්දානන්දගේ ඥාති පුතා (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සහෝදරියකගේ පුත්‍රයෙකු තම මිතුරන් සමග පොලිස් ස්ථානය වෙත පැමිණ, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් ගම්පොළ පොලිස් වසමට අයත් නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙන් වාර්තා වෙනවා.

මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ යුක්තිය මෙහෙයුමේදී තම පුතුන් පරීක්ෂා කළ බවට චෝදනා කරමින්.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ ගේ සහෝදරියකගේ පුත්‍රයකු වන ඉන්දික අමරසිංහ, මෙසේ තර්ජනය කර ඇත්තේ යුක්තිය මෙහෙයුමට එක්වූ ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුටයි.

පසුගිය 29 වැනිදා යුක්තිය වැටලීම් රාජකාරී සඳහා ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායම ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ප්‍රදේශයේ සිටි පුද්ගලයින්ගේ ශරීර පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ඥාති දරුවන් දෙදෙනෙක් ද පරීක්ෂාවට ලක්ව ඇති බවත්, එම පරීක්ෂාවෙන් තම දරුවන්ට අපහාසයක් වූ බව පවසමින් මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයා, බීමත්ව තම මිතුරන් ද සමග පැමිණ පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගෙන් පෞද්ගලිකව පළිගන්නා බවට තර්ජනය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යොමු කළ ලිපියේ සඳහන්.

මෙම සිදුවීමේදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා බියගුළු ලෙස හැසිරී ඇති බවටත්, ඔහු අදාළ නිලධාරීන්ට, පරීක්ෂා කළ ළමයින්ගේ දෙමව්පියන්ගෙන් සමාව ගැනීමට එන ලෙස දන්වා ඇති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සිය ලිපියෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීමේදී බියගුළු ලෙස හැසිරෙමින්, සිදුවීම ඉහළ නිලධාරීන්ගෙන් වසං කළ, නව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන තෙක් ඔහු ස්ථානාධිපති තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
17
+1
4
+1
3
+1
1
+1
8
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?