ශ්‍රී ලංකා පොලිස් සේවයේ මේ වනවිට පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (08) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසුවා.
පොලිස් නිලධාරීන්ගේ පවතින හිඟය හේතුවෙන් පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත්, ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියා.
ඒ, අනුව මේ වනවිට උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බවයි පැවසුවේ.
මේ අතර පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර පරීක්ෂණ ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500 දෙනෙකුට උසස්වීම් ලබාදීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.





