පොලිස් ස්ථානාධිපතිවරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

වවුනියාව – පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (21) සවස අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඉඩම් ආරවුලක් එක් පාර්ශ්වයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂක පහක අල්ලස් මුදලක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ගොස් සැකකාර ස්ථානාධිපතිවරයා ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?