පොලිස් වෙඩි පහරින් මියගිය රොෂාන් අවසන් ගමන් යයි – ප්‍රදේශය අවට දැඩි ආරක්ෂාවක් (වීඩියෝ)

නාරම්මල, දම්පලැස්ස ප්‍රදේශයේ දී පසුගියදා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ රොෂාන් කුමාරසිරිගේ අවසන් කටයුතු අද (21) සිදුකෙරුණා.

ඒ, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නාරම්මල, වෙන්නරුව පොදු සුසාන භූමියේ දීයි.

ඔහුගේ අවසන් කටයුතු සිදුකර අවස්ථාවේ දී එම ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 18 වනදා පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹා ගිය සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම ලොරි රථය දම්පලැස්ස ප්‍රදේශයේ නවත්වාගෙන තිබුණා.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම් අතර තුර දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සිදුකළ වෙඩි තැබීමේ දී එහි රියදුරු ලෙස කටයුතු කළ රොෂාන් කුමාරසිරි ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගිය 41 හැවිරිදි රොෂාන් කුමාරසිරි මහරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22