පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ, අනුව රත්තපුර දිසාව භාරව සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණාරත්න ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙනවා.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර් විජේසිංහ කේෂේත්‍ර බළකා මූලස්ථානයට මාරුවීම් ලබා දී ඇති අතර, කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී චන්ද්‍රසිරි ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ.

එමෙන්ම බඳවා ගැනීම් හා පුහුණු දිසාන භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි විශේෂ ආරක්ෂක දිසාව භාරවත්, නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී වෙදමුල්ල කුරුණෑගල දිසාව භාරවත් පත්කර තිබෙනවා.

නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත් කරයවා ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමනාකරණය දිසාව භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීවයි.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සී. ඒ. පුෂ්පකුමාර දුක් ගැනවිලි අධිකාරී කොට්ඨාසයේ සිට බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්.පී ද සිල්වා අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත්කර ඇති බවයි වාර්තා වුණේ.

කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩී කුමාරී පොලිස් මූලස්ථානයේ සිට පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ තවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරු අටදෙනෙක්, පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරයෙක් හට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31