දඩයක්කරුවෙකු සන්තකයේ තිබිය දී තන්තිරිමලය පොලිසියට අයත් ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 25ක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
එහිදී එම ගිනි අවිය සහ උණ්ඩ සමඟ දඩයක්කරුවාද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වනජීවී නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව තන්තිරිමලේ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ වැටලීමක දීයි මෙම ගිනි අවිය සහ පතොරම් සොයා ගැනීමට හැකිව ඇත්තේ.
වනජීවී නිලධාරීන් භාරයට ගත් මෙම ගිනි අවිය සහ පතොරම් තන්තිරිමලය පොලීසියට අනියුක්තව රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් බවට තහවුරු කරගෙන තිබෙනවා.
දඩයක්කරුවා සන්තකයේ තිබිය දී මෙලෙස සොයාගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ අද (02) දිනයේ අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ගිනිඅවිය භාරව සිටි පොලිස් නිලධාරියා විසින් ම සතුන් දඩයම් කිරීම සඳහා දඩයක්කරුට ලබා දී ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.




