පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට

යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බවට මරදන්කේනි පොලීසිය පවසනවා.

අදාල කන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය අද(05) නියෝග කළා.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කිලිනොච්චිය , මරදන්කේණි පදිංචි සට්ගුණදේවි ජගතීෂ්වරන් නැමති කාන්තාවකි.
දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පසුගිය 02 ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු හා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ උණුසුම් වචන හුවමාරුවක් හටගෙන තිබුණි.

සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයටද බාධා සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැනුම්දී තිබියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්වයක් ඇති විය.

පසුව එම ස්ථානයට මරදන්කේණි පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමතයකට පත්කොට මන්ත්‍රීවරයා සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවරගනු ලැබීය.

බුද්ධි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙන ස්ථානයේ දේශපාලන රැස්වීමක් සංවිධානය කිරීම යන කාරණාවන් සම්බන්ධයෙන් සැකකාර කාන්තාව මරදන්කේනි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

නඩු විභාගය ලබන 07 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, මරදන්කේනි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?