පොලිස් රථ වාහන රාජකාරීවලට කාන්තා නිලධාරිනියන්

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය කාන්තා නිලධාරිනියන් රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

පොළොන්නරුව රථවාහන අංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු මෙලෙස රාජකාරී සඳහා යොදවා තිබු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අලුතින් සේවයට යොදවා ඇති කාන්තා නිලධාරිනියන් රථවාහන මෙහෙයවීම සහ වාහන පරීක්ෂා කිරීම සිදු කරන ආකාරය දක්නට ලැබුණා.

රථ වාහන පරීක්ෂා කිරීම ඇතුලු රථ වාහන රාජකාරී සඳහා කාන්තා නිලධාරිනියන් යොදා ගැනීම මෙලෙස වාර්තා වූයේ පළමු වරටයි.

පොළොන්නරුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙලෙස රථ වාහන රාජකාරියට එක්වූ කාන්තා නිලධාරිනියන් කොට්ඨාශ යතුරුපැදි ඒකකය සහ රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට යොදවා ඇතැයි සඳහන්.

රථ වාහන පරීක්ෂා කිරීම ඇතුලු අනෙක් රථ වාහන පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක් ලබා ඇති මෙම නිලධාරිනියන් තම රාජකාරී කටයුතු සඳහා නිල වශයෙන් එක්වී ඇත්තේ ඊයේ දිනයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?