පොලිස් නිලධාරීන්ගේ අනීතික ක්‍රියා වීඩියෝ කරන මහජනතාවට විශේෂ නිවේදනයක් (නිවේදනය)

පොලිස් නිලධාරියන් විසින් සිදු කරනු ලබන රාජකාරි මෙන් ම නිලධාරින්ගේ ක්‍රියාකාරකම් ද මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොලිස්පති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, අණදෙන නිලධාරි ඇතුළු වගකිවයුතු පොලිස් නිලධාරී ඉහළ තලවලට දැනුම්දී ඇත්තේ මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවල දී ඇතැම් පොලිස් නිලධාරින් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම, වීඩියෝගත කරන ජංගම දූරකථන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවල දී එලෙස වීඩියෝගත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කරන බවට වාර්තා වී ඇති බවයි.

ඇතැම් පොලිස් නිලධාරින් ඉහත පරිදි ක්‍රියා කරන අවස්ථා බොහොමයකදී එම නිලධාරීන්ගේ නීතිවිරෝධී සහ විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් එකී පුද්ගලයින් විසින් වීඩියෝගත කර ඇති බවට වැඩිදුරටත් නිරීක්ෂණය වී තිබෙන බව පොලිස්පති කාර්‍යාලය නිවේදනය කරනවා.

මෙලෙස මහජනතාව විසින් පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව තම පොලිස් අංශ යටතේ සිටින නිලධාරින්ට දැනුම්දිය යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ.

යම් වරදක් වීඩියෝගත කරන අවස්ථාවක දී එම සංස්කරණය නොකළ වීඩියෝ රෙකෝඩනය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 04 වැනි වගන්තියට ඇතුළත් ව ඇති අතර එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශ්වය මෙන් ම විත්ති පර්ශ්වය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
189
+1
3
+1
90
+1
9
+1
4
+1
6
+1
6
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?