පොලිස්පති පුටුව කාටද?

මෙරට 35වන පොලිස්පති ධුරය හෙබවූ සීගඩීග වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන් බව වාර්තාවනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

වික්‍රමරත්න මහතා විශ්‍රාම ගන්නා විට ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව සේවා දිගු 3ක් යටතේද කටයුතු කළා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ 35 වන පොලිස්පති ධුරය හොබවන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව සිටියේ 2023 මාර්තු 26 වන දායි. ඒ ඔහු එදින සිය දිවියේ 60 වන වියට එළඹීමත් සමගයි.

1984 වර්ෂයේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස රාජ්‍ය බුද්ධි සේවාවට එක් වූ වික්‍රමරත්න මහතා 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් එවකට පොලිස්පති ධුරය දැරූ පූජිත ජයසුන්දර මහතා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යැවීම හේතුවෙන් හිස් වූ පොලිස් පති ධුරයට වැඩබලන පොලිස්පති ලෙස පත් වුණා.

2019 අප්‍රේල් මස 29 වන දින සිට 2020 නොවැම්බර් 26 වන දින දක්වා පුරා මාස 19ක් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් වන්නේ 2020 නොවැම්බර් මස 27 වන දිනයි.

සී.ඩී වික්‍රමරත්න පොලිස්පතිවරයාගෙන් පසු පොලිස්පති පුටුවට තුන්කොන් සටනක් නිර්මානය වනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, හා දේශබන්දු තෙන්නකෝන් යන නිලධාරීන් අතරේයි.

මෙම නිලධාරීන් තිදෙනා එකම දිනයේ සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණු අය වන අතර, ජේෂ්ඨත්වය සැකසීමේ දී මුලින්ම නිලන්ත ජයවර්ධනත්, දෙවනුව ලලිත් පතිනායකත් තෙවනුව දේශබන්දු තෙන්නකෝනුුත් සිටිනවා.

2019 පාස්කු ප්‍රහාරය සිදු වන විට රාජ්‍ය බුද්ධි සේවාව භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල වුණා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නඩුකරයක දී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරණය කර ඔවුන්ට වන්දි ගෙවීමට තීරණය කළ අතර එම පිරිස අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද සිටීම ඔහුට පොලිස්පති පුටුවට තරඟ කිරීමට පවතින ප්‍රධාන බාධාවක්.

මීට අමතරව පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ කොළඹ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ලලිත් පතිනායකටත්, ඒ අවස්ථාවේ කොළඹ දිසාව භාරව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ටත් පාස්කු ප්‍රහාරය අළලා රාජකාරිය පැහැර හැරීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

මේ වන විට පොලිස්පති තරගයේ ඉදිරියෙන් සිටිනනේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතායි.

ඒ මීළඟ පොලිස්පති ධුරය සඳහා මහජන ආරක්ශාව භාර අමාත්‍ය ටිරාන් අලස් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා වෙත යොමු කිරීමත් සමගයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම යෝජනාව සම්බන්ධයෙන් සිය අසතුට පළ කළ බවට වාර්තා වූ අතර ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද මේ සටනට එක්ව සිටින්නේ ප්‍රබල අභියෝග රැසක් මැදයි.

2021 ජූලි 9 වන දින හිටපු ජනාධිපතිවරයා තනතුරෙන් පහ කිරීමට මුල්වූ ගෝල්ෆේස් අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එහි තිබී සොයාගෙන කොටුව පොලිස් ස්ථානය වෙත බාර දුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂයක මුදලක් නීත්‍යානුකූලව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම හා එම විමර්ශන අතර වාරයේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට හා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට දුරකථනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ද දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අමතරව 2021 මැයි 9 වන දින ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියේ දී එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ද ඒ වන විට එම ප්‍රදේශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලෙස ඔහුට එල්ල වී ඇති තවත් චෝදනාවක්.

මේ සියල්ලට අමතරව අරගලය කාල සිමාවේදී මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අරගල ක්‍රියාකාරී පිරිසකගේ පහර කෑමට ලක්වූ අතර යම් හෙයකින් තෙන්නකෝන් මහතා පොලිපති පුටුවට පත් වුවහොත් ඔහු සාමාන්‍ය ජනතාවගෙන් පහර කෑ පොලිස්පති පුටුවේ වාඩි වූ පළමු පොලිස්පතිවරයා ද වනු ඇති.

මේ අතර පොලීසියට සමීප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බොහෝ දුරට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ඇති ඉඩකඩ වැඩි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
4
+1
2
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?