පොලිස්පති දේශබන්දු අද පරීක්ෂණ කමිටුව හමුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (19) පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, අනුව අද දිනයේ පළමු වරට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

පොලිස්පතිවරයාට එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් පසුගිය දා දැනුම් දී තිබුණා.

ඒ, අනුව විමර්ශන කමිටුව අද (19) පස්වරු 2.00ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මෙම පරීක්ෂණ කමිටුව පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?