පොලිස්පතිට ඍජුවම තොරතුරු දෙන්න නව වට්ස්ඇප් අංකයක්

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ විය හැකි නව වට්ස්ඇප් අංකයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසිනුයි මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ 071 8598888 යන වට්ස්ඇප් අංකය අද (13) දිනයේ සිට ක්‍රියාත්මක බවයි.

මෙම වට්ස්ඇප් අංකය හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ හැකි අතර, ඇමතුම් ලබාගැනීමට හැකියාවක් නැහැ.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට ද මෙම වට්ස්ඇප් අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතින බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
2
+1
6
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?