පොලිස්පතිගේ මාස තුනක සේවා දිගුව අදින් අවසන්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබූ මාස තුනක සේවා දිගුව අද (25) අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ විශ්‍රාමයාමෙන් පසු පත්කරන නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දැනුම්දීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන අයගෙන් කෙනෙක් පත්කරනු ඇති බවට පසුගිය කාලය තුල සමාජයේ දැඩි කතාබහක් මතුව ආවා.

කෙසේ වෙතත් එම අයගෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම තනතුර හිමිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි සමාජය තුළ කතා බහට මතු වුණේ.

නව පොලිස්පතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරය අවසන් කර යළි මෙරටට පැමිණි පසු සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටිය ද ඔහුට මාස 03ක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14