AFC Banner
AFC Banner
Empty Ad

පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු තවදුරටත් අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ජුනි 15 වනදා දක්වා මෙලෙස ඔවුන්ගේ නිවාඩු අවලංගුවනු ඇති.

මීට පෙර, මැයි මස 11 වනදා සිට මැයි 31 දක්වා පොලිස් නිලධාරීන්ගේ රාජකාරි නිවාඩු සහ හිඟ විවේක අවලංගු කළ අතර පවතින තත්ත්වය හේතුවෙන් නැවත නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරීමට යි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බැවින් එම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?