AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පතිගෙන්, පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදලක්

පවතින තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා රුපියල් 2500ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සහායක සේවා ඇතුළුව ඊයේ දින සේවයේ නියුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඊට පහළ සියළුම නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක සහයක නිලධාරීන්ට ද මෙම ත්‍යාග මුදල හිමි වනු ඇත.

කෙසේ වෙතත්, පොලිස් විද්‍යාලවල පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන්, පුහුණුව අවසන්ව පිටව ගොස් ඊයේ දිනට මාස 6ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති පොලිස් නිලධාරීන්ට මෙන්ම වැඩ තහනමට ලක්වූ අයට මෙම දීමනාව හිමි නොවන බවයි පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?