මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොල් වත්තක පොල් සොරකම් කිරීම සඳහා ගිය පුද්ගලයෙකුට එම වත්තේ මුරකරු විසින් මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
2
+1
+1















