පොල් සොරකමේ ගිය අයෙකුට වෙඩි ප්‍රහාරයක්

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය අයෙකුට එම වත්තේ මුරකරු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පන්නල පොලීසිය සදහන් කළේ.

ඊයේ (01) පස්වරු 5.20ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ යක්විල, හැගව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාගේ වම අතට සහ කොන්දට වෙඩි ප්‍රහාර වැදී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පන්නල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22