පොල් කඩන්න ගසට නැගුණු පුද්ගලයා ගසෙන් බහිද්දී මියයයි (ඡායාරූප)

පොල් ගසකට නැගුණු පුද්ගලයෙකු ඉන් බසිමින් සිටියදී පොල් ගස වටා එතී තිබූ කැටකැරැල්ල ගසක අත්තක් මත වාඩිවී සිටින ආකාරයෙන් හදිසියේ මිය යාමේ සිදුවීමක් පොකුණුවිට වැලිකල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු පොල් කැඩීමේ රැකියාවේ නිරත අයෙක් වන අතර අද වැලිකල තිබ්බොටුගොඩ ප්‍රදේශයේ වත්තක අඩි 60ක පමණ උසින් යුත් ගසක පොල් කඩා යළි බසිමින් සිටියදී මෙම මරණය සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොල් ගසේ සිට අඩි 35ක් පමණ පහතට බසිමින් සිටියදී ඔහු නතර වීම සම්බන්ධයෙන් වත්තේ හිමිකරු විමසිලිමත් වීමේ දී මිය ගිය පුද්ගලයා අඩි 25ක පමණ වූ උසින් පොල් ගස වටා එතී තිබූ කැටකැරැල්ල ගසේ කරුව අසල හිඳගෙන සිටින ආකාරය දැක කතා කළ ද ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

අනතුරුව මියගිය අයගේ පවුලේ ඥාතීන්ට ඒ බව දැනුම් දී ඔවුන් ද එම ස්ථානයට කැඳවා පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා ද එම ස්ථානයට කැඳවා ඔහුගේ නියෝග මත මළ සිරුර බිමට ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
12
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?