වාරියපොළ ප්රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීම අද පැවැත්වුණු අවස්ථාවේදී නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ඒ ප්රාදේශීය සභාවේ අයවැය දෙවරක්ම පරාජයට පත්වූ සභාපතිවරයාට තවදුරටත් සභාපති ධුරයේ රැඳීසිටිය නොහැකි බවට සභාවේ මන්ත්රීවරුන් ප්රකාශ කිරීමත් සමගයි.
වාරියපොළ ප්රාදේශීය සභාවේ බහුතර බලය හිමිවී තිබෙන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණටයි.
මන්ත්රීවරුන් 41 දෙනෙකුගෙන් 21 දෙනෙකු සභාපතිවරයාට විරුද්ධවීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී තිබුනා.
ඒ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 3ක්, ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් 2ක්, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්රීවරුන් 2ක් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් වෙයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













