පියා විසින් පොරවකින් පහර දී තම පුතා ඝාතනය කළ පුවතක් රිදියගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය පැවසුවේ රිදියගම පොලිස් වසමේ බුලුවල ප්‍රදේශයේ දී ඊයේ (04) මෙම අපරාධය සිදුව ඇති බවයි.
29 හැවිරිදි පුතා නිවසේ නිදා සිටිය දී පියා විසින් පොරවකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අදාළ පුත්‍රයා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවත් මුදල් ඉල්ලා නිරන්තරයෙන් සිදුකරන කරදර ඉවසාගත නොහැකිව මෙම පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අපරාධය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයය යොදාගත් පොරව ද සමඟ සැකකාර පියා පොලිසිය වෙත පැමිණ භාර වී තිබෙනවා.
අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (04) රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.




