පොරවකින් පහරදී පුතාව ඝාතනය කළ පියා රිමාන්ඩ්

පියා විසින් පොරවකින් පහර දී තම පුතා ඝාතනය කළ පුවතක් රිදියගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය පැවසුවේ රිදියගම පොලිස් වසමේ බුලුවල ප්‍රදේශයේ දී ඊයේ (04) මෙම අපරාධය සිදුව ඇති බවයි.

29 හැවිරිදි පුතා නිවසේ නිදා සිටිය දී පියා විසින් පොරවකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පුත්‍රයා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවත් මුදල් ඉල්ලා නිරන්තරයෙන් සිදුකරන කරදර ඉවසාගත නොහැකිව මෙම පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයය යොදාගත් පොරව ද සමඟ සැකකාර පියා පොලිසිය වෙත පැමිණ භාර වී තිබෙනවා.

අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (04) රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13