පොදු නීතියට යටත් නොවූ කුඩා කුඩා ආණ්ඩු රට තුළ – ජනපති අනුර

සමාජය තුළ මේ වනවිට පොදු නීතියට යටත් නොවූ කුඩා කුඩා ආණ්ඩු ගොඩනඟාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවනවා.

ආර්ථික බලය, ව්‍යාපාරික බලය, නීති විරෝධී අවි බලය වැනි විවිධ බලයන් හරහා මෙම කුඩා ආණ්ඩු පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙලෙස පිහිටුවාගෙන ඇති කුඩා ආණ්ඩුවලට මෙරට පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය බොහෝ දෑ පැහැරගැනීමට හැකි වී ඇති බවයි.

ඒ, අනුව යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් රාජ්‍ය නීතියේ ආධිපත්‍යයට යටත්වන රාජ්‍යක් බවට පරිවර්තන කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම නීතිය සහ සාමය ස්ථාපිත කිරීමේ ප්‍රධාන ආයතනයේ පුද්ගලයා නීතියෙන් කට්ටි පනිමින් සිටිනවා නම්; නීතියට යටත් සමාජයක් කරා පොදු පුරවැසියාට ආරාධනා කිරීමට ගැටළුවක් බවතින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (10) සිදු කෙරුණා.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ උත්සවයකදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07