පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමය සත්‍යග්‍රහයක

ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉවත්කරන ලෙස සහ පශු වෛද්‍යවරුන් ඉවත් කරන්නැයි ඉල්ලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවකයින් අද (18) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඔවුන් පැවසුවේ විසඳුමක් ලැබෙන තෙක් සතුන්ට ආහාර ලබාදීම, සතුන් නෑවීම සහ රෝගී සතුන්ට ඖෂධ ලබාදීමේ රාජකාරීවලින් හෙට සිට ඉවත්වන බවය.

ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය සහ ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරි සේවක සංගමයේ සාමාජිකයින් අද පෙරවරු 9 ට සේවයෙන් ඉවත්ව විරෝධතාවයක් ආරම්භ කළේය.

ඒ, දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයාම සහ රෝගිවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සොයා නොබැලීම මෙන්ම අනතුරු සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාව සියලු දෙනාට ලබාදෙන ලෙස ඉල්ලමිනි.

රෝගී සතුන් පිළිබඳව සොයා නොබැලීම නිසා මේ වන විට සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව සත්වෝද්‍යානය සේවකයින් පෙන්වා දෙයි.

මෙම විරෝධතාවයට ප්‍රවේශපත් නිකුත් කරන්නන්ද සහාය පළකිරීම නිසා සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා අද ප්‍රවේශ පත්‍ර ලබාදුන්නේ එහි ගණකාධීකාරිවරුන් සහ සහාය ගණකාරිකාරවරුන් විසිනි.

විරෝධතාකරුවන් පවසන්නේ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

මේ අතර සත්වෝද්‍යාන සේවකයින් අද පස්වරුවේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර ඊට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ද එක්වුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ විරෝධතාවට සහාය දක්වමින්  හම්බන්තොට රිදීයගම රුහුණු සෆාරි උද්‍යානයේ සේවකයින්ද අද දහවල් කෑම පැයේදී විරෝධතාවයක නියැලුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36