පොඩි ලැසීගේ ජංගම දුරකථනය අතේ මාට්ටු

මේ වනවිට බූස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුශංක නොහොත් ‘පොඩි ලැසී’ භාවිත කළ ජංගම දුරකථනයක් එම බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමක දී සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාරය තුළ පොඩි ලැසී රඳවා සිටි සිරමැදිරියේ පිටුපස ඇති කවුලුවෙන් පිටතට විසිරක තිබිය දී මෙම ජංගම දුරකථනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බූස්ස බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.ජි.සි.කේ. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) දිනයේ දී පොඩි ලැසී රඳවා සිටින බන්ධනගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 42 සිරමැදිරියේ දී හදිසි පරික්ෂාවක් සිදුකර තිබෙනවා.

මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිර මැදිරිය තුළට ඇතුළු වනවාත් සමඟ ම පොඩි ලැසී විසින් සඟවාගෙන සිටි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, චාජර් 01ක්, ඩේටා කේබල් 01ක් සහ හැන්ඩ් ෆ්‍රී 01ක් ඇතුළු උපකරණ සිරමැදිරියේ පිටුපස කවුලුවෙන් පිටතට විසිකළ අවස්ථාවේ දී සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

සොයාගත් එම ජංගම දුරකථනය සහ උපකරණ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?