පොඩි මිනිහගේ වාහන සිහිනය දුර යන ලකුණු – බදු සමඟ වාහන මිලේ ලොකු වෙනසක් (වීඩියෝ)

ආනයනය කරනු ලබන වාහන සඳහාවන ආනයනික බදු ප්‍රතිශතයන රජය විසින් ගැසට් නිවේදනයක් මඟින් පසුගිය දා (10) ප්‍රකාශයට පත් කළා.

එලෙස රජය විසින් ගැසට් නිවේදනය කර ඇති නව බදු ප්‍රතිශතයන් සමඟ පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහනවල මිල ගණන් වර්තමානයේ වෙළඳපොලේ පවතින වාහන මිල ගණන්වලට වඩා සුළු වැඩිවීමක් පෙන්නුම්කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ අද (12) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම වෙළඳපොලේ පවතින භාවිත කළ වාහන (සකන්ඩ් හෑන්ඩ්) වාහනවල මිල ගණන් ද විශාල වශයෙන් පහත යෑමක් බලාපොරොත්තු විය නොහැකි බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී සභාපතිවරයා; ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාරිභෝගිකයෙකුට හොඳ වාහනයක් සාධාරණ මිලකට ලබාගත හැකිවන පරිදි අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසයි.

මේ අතර වසරකට ඩොලර් බිලියනක පමණ ප්‍රමාණයක් වාහන ආනයනය සඳහා මුදල් වෙන්කර හැකි බවට රජය තම සංගමය සමඟ ප්‍රකාශ කර ඇති බව ද ඔහු කියා සිටියා.

ඒ, අනුව වසරකට වාහන 50,000ක් පමණ ආනයන සඳහා හැකිවනු ඇති බව ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?