පොඩි මිනිහගේ වාහන සිහිනය දුර යන ලකුණු – බදු සමඟ වාහන මිලේ ලොකු වෙනසක් (වීඩියෝ)

ආනයනය කරනු ලබන වාහන සඳහාවන ආනයනික බදු ප්‍රතිශතයන රජය විසින් ගැසට් නිවේදනයක් මඟින් පසුගිය දා (10) ප්‍රකාශයට පත් කළා.

එලෙස රජය විසින් ගැසට් නිවේදනය කර ඇති නව බදු ප්‍රතිශතයන් සමඟ පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහනවල මිල ගණන් වර්තමානයේ වෙළඳපොලේ පවතින වාහන මිල ගණන්වලට වඩා සුළු වැඩිවීමක් පෙන්නුම්කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ අද (12) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම වෙළඳපොලේ පවතින භාවිත කළ වාහන (සකන්ඩ් හෑන්ඩ්) වාහනවල මිල ගණන් ද විශාල වශයෙන් පහත යෑමක් බලාපොරොත්තු විය නොහැකි බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී සභාපතිවරයා; ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාරිභෝගිකයෙකුට හොඳ වාහනයක් සාධාරණ මිලකට ලබාගත හැකිවන පරිදි අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසයි.

මේ අතර වසරකට ඩොලර් බිලියනක පමණ ප්‍රමාණයක් වාහන ආනයනය සඳහා මුදල් වෙන්කර හැකි බවට රජය තම සංගමය සමඟ ප්‍රකාශ කර ඇති බව ද ඔහු කියා සිටියා.

ඒ, අනුව වසරකට වාහන 50,000ක් පමණ ආනයන සඳහා හැකිවනු ඇති බව ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53