පේෂලගේ “තාල නන්දශ්‍රී” අගමැති මෝදි අතින් ජනගත වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය මෝදි ඊයේ රාත්‍රියේ කොළඹ ඉන්දීය ප්‍රජාවේ පිළිගැනීමේ උත්සවයකට එක්ව තිබුණා.

එම පිළිගැනීමේ උත්සවය අතරතුර මහා පුරුෂ ශ්‍රීමන්ත සංකර්දෙව් තුමා, ශ්‍රී ශ්‍රී මධාබ්දෙව් තුමා, සංගීතය පිළිබඳ පොත්, ඉන්දීය කතාන්දර සහ පාලි ගීත ගෝවින්දයේ සිතුවිලිවල පරිවර්තනයන් ද දැකගැනීමට මෝදි අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව හිමි වුණා.

මෝදි අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ මෙම අවස්ථාව අතර තුර මෙරට දක්ෂ සංගීත ශිල්පියෙක් වන පේෂල මනෝජ්ට ඔහුව හමු වී කතාබහක නිරතවීමට ද අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම අවස්ථාවේ දී සංගීත ශිල්පී පේෂල මනෝජ් විසින් නිර්මාණය කළ “තාල නන්දශ්‍රී” (8½ මාත්‍රා චක්‍රය) සංගීත තැටිය, මෝදි අග්‍රාමාත්‍යවරයාට හඳුන්වාදී ජනගත කිරීමට ද අවස්ථාව උදාවුණා.

පේෂල මනෝජ් පවසන්නේ මෙම “තාල නන්දශ්‍රී” සංගීත තැටිය ඔහුගේ දිවංගත ගුරු, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස සිදුකළ නිර්මාණයක් බවයි.

තමන්ට හිමි වූ මෙම මහඟු අවස්ථාව පිළිබදව පේෂල සිය මුහුණු පොතට එක්කර තිබුණේ මෙවැනි සටහනක්.

“තාල නන්දශ්‍රී” සහ සංගීත ගමනෙහි විශිෂ්ට අවස්ථාවක්

මගේ රිද්මයානුකූල ගමනේ දී මට විවිධ විශිෂ්ට අවස්ථා ලැබුණි. එහෙත්, අද දිනය ඉතාම අරුත්පූර්ණ, පූජනීය සහ අභිමානවත් අවස්ථාවක් බවට පත්විය. ඒ සඳහා හේතුව වන්නේ, මෙදින මගේ නවතම නිර්මාණය වන “තාල නන්දශ්‍රී” (8½ මාත්‍රා චක්‍රය) ජනතාවට හඳුන්වාදීමයි.

මෙය මගේ දිවංගත ගුරු, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස කරන ලද නිර්මාණයකි.

මගේ නිර්මාණයට අගයක් එක්කරමින්, එය සංගීත කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීමටත්, පටිගත කිරීමටත්, බෙදා හැරීමටත් සහාය වූ ඉන්දියානු මහ කොමසාරිස්තුමන්ට, ඔහුගේ කාර්ය මණ්ඩලයට, එමෙන්ම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන්ට සහ කාර්ය මණ්ඩලයටත් මාගේ හද පිරි ස්තුතිය පළකරමි.

මගේ නිර්මාණය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ඉදිරිපත් කරන විට, ඔහු ඒ සම්බන්ධයෙන් සත්‍යයෙන්ම සාවධානීව හිඳීම පුදුම සහගත ය. ජීවිතය පිළිබඳව මට උතුම් උපදෙස් ද ලබාදෙමින් මට ආශිර්වාද කිරීමට ද එතුමා නොපැකිලි විය.

මට අධ්‍යාපනය ලබාදුන්, මට නව පරිණාමයකට ලක් වීමට හේතු වූ, ලඛ්නඌ ඝරානාවේ ඛලීෆා, උස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් මාගේ ගුරුතුමාට ගෞරවය හා ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

අවසන් වශයෙන්, මෙම සියලු ක්‍රියාවලියේදී මා සමඟ දිවා-රාත්‍රි මහන්සිවී පුහුණුවීම් සහ පටිගත කිරීම් සිදු කළ මාගේ ශිෂ්‍යයන්ටද මාගේ ආභාරය පළකරමි.

සංගීත ක්ෂේත්‍රය තුළ නව ආයාමයක් නිර්මාණය කිරීම සඳහා, අනාගතයේ වැඩි වශයෙන් දායක විය හැකි යැයි බලාපොරොත්තු වෙමි.

ස්තුතියි!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
2
+1
41
+1
4
+1
2
+1
1
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?