AFC Banner
AFC Banner
Empty Ad

පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම තහනම් වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති විසින් ගනු ලැබූ තීරණයක් ප්‍රකාර ව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් එක් රැස් කිරීම තහනම් කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් ඊයේ (15) නිකුත් කරමින් උපකුලපතිවරයාගේ අත්සනින් යුතුව සඳහන් කර ඇත්තේ කිසිදු ආකාරයකින් සරසවිය තුළ හෝ ඉන් පිටත කිසිදු කරුණක් සම්බන්ධව මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් රැස් කර රැස්වීම් පැවැත්වීම, සිසුන් ආමන්ත්‍රණය හෝ රංචු ගැසීම සතියක් යනතුරු සපුරා තහනම් බවයි.

එම තහනමට එපිටින් ක්‍රියා කරන ඕනෑම අයෙකුට විශ්වවිද්‍යාල නීති පද්ධතිය තුළ විනයානුකූල පියවර ගන්නා බව ද දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?