පේපර් එක ලියද්දි, පන්ති කාමර පිරිසිදු නොකළාට වැලිගම පාසලක දරුවන්ට ගුරුවරයෙකුගෙන් පහරදීමක්

රජයේ පාසල්වල මේ දිනවල පැවැත්වෙන දෙවැනි වාර විභාගයක් අතරතුර එක් පාසලක දරුවන් නැගිටුවා, ගුරුවරයෙකු විසින් පහරදෙනු ලැබුවේ යැයි පැවසෙන පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක යි.

දකුණු පළාත් සභා දෙවැනි වාර පරීක්ෂණයට අදාළ පාසලේ සිසු දරුවන් පිළිතුරු සපයන අතරතුර දී, එම දරුවන් ආසනයෙන් නැගිටුවා මෙම පහර දීම සිදුකර තිබෙනවා.

අද දිනයේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ විද්‍යාව විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටින අවස්ථාවේදියි.

ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසට පාසලේ 9 වැනි ශ්‍රේණියේ දරුවන් පිළිතුරු සපයන අතරතුර, පන්ති කාමර පිරිසිදු නොකළා යැයි බැණ වදිමින්, එම විද්‍යාලයේ ගුරුවරයෙකු විසිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

පවතින වර්ෂාපතනය සමග පන්ති කාමර ⁣තෙමී තිබූ බවත්, එම නිසා පන්ති කාමර පිරිසිදු කිරීම පහසු නොවන බව ද පහරකෑමට ලක් වූ දරුවන්ගේ දෙමව්පියන් පවසනවා.

කෙසේ වෙතත් විභාගයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි ආකාරයට පහරදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද පන්ති කාමරය තුළ යම් වරදක් වී ඇත්නම් දරුවන් නිසි මගට ගැනීමට යහපත් චේතනාවෙන් දඬුවම් කිරීම පිළිබඳ ව දෙමව්පියන් ලෙස විරුද්ධත්වයක් නොමැති බව ද දෙමව්පියන් සඳහන් කර තිබෙනවා.

නමුත් එම දඬුවම ලබාදිය යුත්තේ කුමන අවස්ථාවක ද යන්න පිළිබඳ ව මීට වඩා සිතන ලෙසටයි දෙමව්පියන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් පහරකෑමට ලක් වූ දරුවන් දැඩි ලෙස මානසික පීඩාවට ලක් ව ඇති බවත් වාර්තාවනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසයි දෙමව්පියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

නමුත් සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනයගෙන් ප්‍රාදේශීය වාර්තාකරු කළ විමසුමක දී ඇය සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් සඳහා විද්‍යාලයෙන් බැහැර ව සිටින බැවින් සිදුවීම සම්බන්ධයෙන් ඇය කිසිවක් නොදන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54