ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීමට එරෙහිව පේදුරුතුඩුවේ ධීවරයින් පිරිසක් අද (03) විරෝධතාවයක නිරත වුණා.
කළු කොඩිවලින් සැරසූ ට්‍රෝලර් යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාවට ගොස් පේදුරුතුඩුවේ ධීවරයින් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
විරෝධතාවයේ නිරත ශ්‍රී ලාංකික ධීවරයින් පවසන්නේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කර මෙරට මත්ස්‍ය සම්පත ඔවුන් විසින් කොල්ලකන බවයි.
ශ්‍රී ලාංකික ධීවරයින්ගේ මෙම විරෝධතාව හේතුවෙන් ඉන්දියාවේ රාමනාතපුරම් ධීවරයින්ට ආරක්ෂාව වෙනුවෙන් අද (03) දිනයේ ධීවර රැකියාවේ නිරතවීම තහනම් කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
1
+1
+1
1














