මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ ප්‍රදේශයේ දී හෝටලයක තිබු පිහිණුම් තටාකයක ගිලී පෙර පාසල් ළමයෙක් ඊයේ (08) සවස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්.
මෙම ළමයා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙක් යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලීම හේතුවෙන් ගොඩට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මිරිහාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
17
+1
2
+1




