AFC Banner
Empty Ad
Empty Ad

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

පෙර පාසල් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ වනවිට දිවයිනේ පිහිටි පෙර පාසල් මධ්‍යස්ථානවල ඉගැන්වීම් කටයුතු සිදු කරන පෙර පාසල් ගුරුවරුන්ට ලබා දෙන්නේ රුපියල් 2500ක මුදලක් පමණයි.

මේ හේතුවෙන් එය පවතින මුදලට වඩා දෙගුණයකින් ඉහළ දැමීමටයි කැබිනට් තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ඉදිරියේ දී එය රුපියල් 5000ක් ලෙස හිමිවනු ඇති බවයි අද පැවති කැබිනට් මණ්ඩල මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
18
+1
1
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?