spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම් සුවඳ වෑහෙන කහ මල් පේරාදෙණිය සරසවිය හැඩ කරපු හැටි

බැලූ බැලූ මානයේ කහවන් පලසක් ඇතිරූ ආකාරයෙන් පිපී දක්නට ලැබෙන බලල් පහුරු නම් පඬු පැහැ පුෂ්ප විශේෂය පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත මෙම දිනයන්හි පැමිණෙන සියලු දෙනාගේ ඇස් මෙන්ම සිත් පහන් කරන මනරම් දසුනක් බවට පත්ව තිබෙනවා.

Dolichandra unguis – Cati නම් උද්භිද විද්යා නාමයෙන් හැඳින්වෙන මෙම බළල් පහුරු ශාකයේ මල් ඵල දැරීම සෑම වසරකම මාර්තු මස මැද භාගයේ සිදුවන අතර ඉන්පසු අප්‍රේල් මස මැද දක්වා විශාල වශයෙන් සිදුවේ.

මෙම ඉතා අලංකාර මල් පිපෙන ශාකය විශාල වැලක් ආකාරයෙන් පැතිරෙන අතර එම වැල් මීටර් 30 කටත් වඩා ඉහළට ගමන් කරමින් දස දෙස පැතිරේ. ඉන්පසු මල් වැල් ආකාරයෙන් පහතට එල්ලා වැටෙමින් මනස්කාන්ත දර්ශනයක් මවන මෙම බළල් පහුරු මල් යාය නැරඹීම සඳහාද විශාල පිරිසක් පේරාදෙණිය විශ්ව විද්යාල භූමිය කරා පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ .

15d9a126 32f6 423c b358 854eeabd55a8
4a5e33c7 70ca 49bf 829e 6508972bf740
3083c4e2 7683 48db bed9 e4a4880ab823
fd5bd516 f23e 42c2 90dd 1f0abd9df496
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?