නෝර්වේ රාජ්‍යයේදී ඔත්තු බැලූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

නෝර්වේ අභ්‍යන්තර ආරක්ෂක අංශ විසින් නෝර්වේ හි ‘නෝර්ඩ්ලන්ඩ්’ (Nordland) ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඔත්තු බැලීමේ කටයුතුවල නිරත වූ බවට සැකපිට චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු සති හතරක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරට අධිකරණය නියෝග කළා.
කෙසේ නමුත්, ඔහුගේ නීතිඥයින් මෙම ඔත්තු බැලීමේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මෙය 2026 මැයි මාසය තුළදී ඔත්තු බැලීමේ චෝදනා මත නෝර්වේ රාජ්‍යයේදී චීන පුරවැසියෙකු අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාවයි.

මීට පෙර සිදුවූ පළමු සිදුවීමේදී චීන ජාතික කාන්තාවක අත්අඩංගුවට පත් වූ අතර, එහිදී ඇය නෝර්වේ හි ලියාපදිංචි සමාගමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් ධ්‍රැවීය කක්ෂීය චන්ද්‍රිකාවලින් (Polar orbit satellites) දත්ත බාගත කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමට උත්සාහ කර ඇති බව හෙළි වුණා.

නෝර්වීජියානු බුද්ධි අංශ දිගින් දිගටම පෙන්වා දෙන්නේ චීනය සහ රුසියාව තමන්ට එල්ල වී ඇති ප්‍රධානතම ඔත්තු බැලීමේ තර්ජන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38