රට වෙනුවෙන් ඕනෑම භාරධූර අභියෝගයක් භාරගැනීමට සූදානම් – මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ආණ්ඩුව අම්න්ග එක්වීම තමන්ගේ කිසිඳු සූදානමක් නොමැති බවත්, වැනි සාකච්ඡාවක් කිසිම අවස්ථාවක සිදුකර නොමැති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමට යම් පිරිසකට අවශ්‍යතාවයක් ඇති බවයි.

මෙවැනි ප්‍රචාරණවලින් ඒවා පෙන්නුම් කරන බවයි ඔහු පවසන්නේ .

කෙසේ වෙතත් අවශ්‍ය මොහොතේ දී රට වෙනුවෙන් ඕනෑම භාරධූර අභියෝගයක් භාරගැනීමට තමන් සූදානම් බවත් එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

රටට අලුත් යුගයක් අවශ්‍යයයි.
මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි.
දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මාව මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ. එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා. මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි.

මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණ වලින් පේනවා.
ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.
ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා. රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

  1. මම දකින විදියට ඔබෙ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන්න හැකියාව ඇත්තෙ ඔබටයි.වර්තමාන ්නායකත්වයට දුර්වලතා ගොඩයි.

    • රනිල් මූව පන්න ගත්තෙ කට ඇති වැඩ බැරි නිකමෙක් නිසා.මෙයත් අනුර වගෙ කටින් බතල හිටවන්න නම් දක්ශයෙක්

  2. පක්ෂ දේශපාලනය අත ඇරල රට ගැන කැක්කුමක් තියෙන
    මිත්‍යාව එක්ක අනාගතේ දිනන්න හති දාන අය නැතිව
    විවුර්තව ඇත්ත දැකල කෙලින් වැඩ කරන්න පුලුවන් මිනිස්සු එකට එකතු වෙලා මිස මේ රට ගොඩ ගන්න බෑ හැමදාම අගාධයට යනව විතරයි 😑😑

  3. If so Y you were not there at the time gotabaya failed .yiu were the one advised not to take the government at that time
    Fearing end of political carrier
    I think you are just another anura kumara
    Will see I’m the future

  4. වැඩකාරයෙක් නම් සීය මෙයාට ලොකු වැඩක් බාර දෙනවනේ දුන්නද දුන්නේ උපන්දිනයක් ඇමති කමක්