පෙම්වතියගේ නිවසට යමින් සිටි තරුණයකු යතුරුපැදි අනතුරින් මිය යයි (ඡායාරූප)

ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී යතුරුපැදියක් දුරකථන කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගෝනපොල, වීදියගොඩ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

අද අලුයම ඔහු නිවසේ සිට හොරණ ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට යාමේදී කුඹුක ප්‍රදේශයේ දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් දුරකථන කනුවක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදු වූ වහාම එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් තරුණයාගේ දුරකථනයේ සඳහන් අංකයකට මේ පිළිබඳ දැනුම් දීමත් සමගම දෙමව්පියන් එම ස්ථානයට පැමිණ තරුණයා තිරෝද රථයකින් හොරණ මූලික රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

යතුරුපැදිය ගැටීමෙන් දුරකථන කණුව කොටස් දෙකකට කැඩී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අධික වේගය අනතුරට හේතුව බවට පොලිසිය විශ්වාස කරන අතර මෙම අනතුරින් තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මොරගහහේන පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

3 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22