spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතියගේ නිවසට යමින් සිටි තරුණයකු යතුරුපැදි අනතුරින් මිය යයි (ඡායාරූප)

ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී යතුරුපැදියක් දුරකථන කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගෝනපොල, වීදියගොඩ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

අද අලුයම ඔහු නිවසේ සිට හොරණ ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට යාමේදී කුඹුක ප්‍රදේශයේ දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් දුරකථන කනුවක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදු වූ වහාම එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් තරුණයාගේ දුරකථනයේ සඳහන් අංකයකට මේ පිළිබඳ දැනුම් දීමත් සමගම දෙමව්පියන් එම ස්ථානයට පැමිණ තරුණයා තිරෝද රථයකින් හොරණ මූලික රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

යතුරුපැදිය ගැටීමෙන් දුරකථන කණුව කොටස් දෙකකට කැඩී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අධික වේගය අනතුරට හේතුව බවට පොලිසිය විශ්වාස කරන අතර මෙම අනතුරින් තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මොරගහහේන පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

3 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?